පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වෙයි - නිවාස හානි වූ ශ්‍රී ලංකිකයින් පිරිසකටත් පහසුකම්

Report

දකුණු ලෙබනනයේ ස්ථාපිත හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ප්‍රහාර නිසා ඉකුත් පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇත.

ඒ අනුව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා ඇත්තේ එය මෑත සතිවලදී සිදුවූ සංඛ්‍යාත්මකව වඩාත්ම තීව්‍ර ප්‍රහාර මාලාවක් බවයි.

මේ අතර ඉකුත් දින කිහිපයේ එල්ල වූ මිසයිල ප්‍රහාර නිසා දිමෝනා ප්‍රදේශයේ නිවාසවලට හානි වූ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට ඊශ්‍රායාලයේ ආරක්ෂක අංශ විසින් කෙටිකාලීනව හෝටල්වල නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

එමෙන්ම ශ්‍රී ලංකාව බලා ගමන් කරන පිරිසට ඊශ්‍රායල් හා ඊජිප්තුව යා කරන ටැබා දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපල වෙත යා හැකි බව ද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

එබැවින් මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙම දේශසීමාව හරහා ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇති අතර එළඹෙන මාර්තු මස 31 වැනි දින තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු මෙම දේශසීමාව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.

මැදපෙරදිග කළඹමින් මහා විනාශයක පෙර ලකුණු - ට්‍රම්ප් සාම සාකච්ඡා කරන ගමන්ම කරන්න හදන දේ

මැදපෙරදිග කළඹමින් මහා විනාශයක පෙර ලකුණු - ට්‍රම්ප් සාම සාකච්ඡා කරන ගමන්ම කරන්න හදන දේ

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්