ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර

Report

වසර දෙකක් තිස්සේ ගාසා තීරයේ සිදුවන යුද ගැටුමේ වඩා දරුණුම ප්‍රහාර මාලාව මේ වන විට ඊශ්‍රායලය විසින් ගාසා නගරය වෙත එල්ල කිරිම ආරම්භ කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව  ගාසා නගරය වෙත නොකඩවා බෝම්බ එල්ලවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු අධිකරණයට

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු අධිකරණයට

ගාසා නගරයේ මහල් ගොඩනැගිලි 17ක් මේ වන විට සම්පූර්ණයෙන් විනාශ කර ඇති අතර ඊයේ එල්ලවූ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 91 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

සජබෙට ගිය එජාප පාක්ෂිකයන්ට සමාව, පක්ෂ තහනම් සියල්ල ඉවතට

සජබෙට ගිය එජාප පාක්ෂිකයන්ට සමාව, පක්ෂ තහනම් සියල්ල ඉවතට

2023 වසරේ යුද්ධයේ මුල් අදියරේදී ගාසා නගරයේ විශාල කොටස් දැනටමත් විනාශ වී ඇතත්, එතැන් සිට මිලියනයක් පමණ පලස්තීනුවන් තම සුන්බුන් වූ නිවෙස් වෙත ආපසු පැමිණ ඇතැයි සදහන් වේ.

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඇස්තමේන්තු කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 350,000 ක් පලා ගොස් ඇති නමුත් නගරයේ මිලියන භාගයකට වඩා ඉතිරිව සිටින බවයි.