ඊශ්‍රායල් රැකියා අවස්ථා - අයදුම්පත් මෙන්න - රැකියා ලැයිස්තුවත් එළියට
ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ සියලු රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරීමට හැකියාව ලැබී ඇති බව හා මීට පෙර ඊශ්‍රායල් රැකියා අවස්ථා සඳහා එක් අපේක්ෂකයෙකුට අයදුම් කළ හැකි අවස්ථා ප්‍රමාණය 2කට පමණක් සීමාකර තිබු බවයි. රැකියා අපේක්ෂකයින්ගෙන් ලද ඉල්ලීම් කාර්යංශය විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව හෙට (06) දිනයේදී ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්තා කිහිපයක් සඳහා මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සඳහා වෙබ් අඩවිය විවෘත කරන බව ද කාර්යාංශය නිවේදනය කරයි.
කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයදුම් කළ හැකි අතර ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්බි නැමිම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ පොදු වැඩ, කපරාරු හා සෙරමික් ටයිල් වැඩ සඳහා අයදුම් කිරිමට වෙබ් අඩවිය විවෘත වේ.