පාසල් සිසුන්ට නොමිලේ බෙදීම ආරම්භයි - දෙමව්පියන්ගෙන් සල්ලි එපා

Report

අද (05) රැස්වූ පාර්ලිමේන්තුවේදී අධ්‍යාපනයට අදාළ ගැටළු සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදයක් මතුවිය. ස්මාර්ට් පුවරු මිලදී ගැනීම සඳහා දෙමාපියන්ගෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමේ ගැටළු , ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය වසා දැමීම හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වසා දැමීමේ සූදානමක් ආදිය සම්බන්ධයෙන් මෙම ගැටුම මතු විය.

පිට පළාත්වල සහ කොළඹ යන පාසල් දෙකෙහිම ස්මාර්ට් පුවරු මිලදී ගැනීම සඳහා දෙමාපියන්ගෙන් අරමුදල් එකතු කර ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය වසා දැමීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ අගමැතිනි අමරසූරිය පැවසුවේ රජය දැනටමත් පාසල්වලට ස්මාර්ට් පුවරු 1,500 ක් බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීමට කිසිම් සූදානමක් නැති බවත්ය.

එමෙන්ම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වසා දැමීමේ සූදානමක් නැති බවත් පැවසුවාය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

එමෙන්ම විෂයක් හදුන්වා දීමක් සිදු නොවන බවත් දරුවන්ට ක්‍රමක්‍රමයෙන් විද්වතුන්ගේ උපදෙස් මත දරුවන්ට තාක්ෂණ ලෝකය හදුන්වා දීමට කටයුතු කරන බවත් ළමාරක්ෂණය පිළිබදව තීරණයක් ගන්නා බවත් පැවසුවාය. එමෙන්ම නුසුදුසු සැකසුම හේතුවෙන් ඇති වූ විවිධ ගැටළු හේතුවෙන් වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඇය පවසා ඇත.

වාහන බලපත්‍ර ගැන අලුත් තීරණයක් - නව ගැසට් පත්‍රයක් මෙන්න

වාහන බලපත්‍ර ගැන අලුත් තීරණයක් - නව ගැසට් පත්‍රයක් මෙන්න