චීනයෙන් දැඩි තීරණයක්..!

By Sewvandhi Jan 15, 2024 06:38 AM GMT
Report

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසන්නේ, ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බවයි.

චීන විදේශ අමාත්‍යවරයා පවසන්නේ, ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වඩා අධිකාරී බලයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කැඳවන බවයි.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත්තේ,සම්මන්ත්‍රණය මඟින් රාජ්‍ය දෙකක විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථාරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

Sponsored By Sarrita Jewellery

චීනයෙන් දැඩි තීරණයක්..! | Israel Hamas War