මාස 10ක් වයසැති නිවුන් බිළිඳුන්.. හමාස් සටන්කාමීන් එකවරම කඩා පනී.. - ලෝකයම හඬා වැටෙන හමාස් ඊශ්‍රායල ගැටුම් මැද සිදු වූ තවත් සංවේදී සිදුවීමක්..
මේ දිනවල හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද සිදු වූ තවත් සංවේදී සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ මාස 10ක වයසැති නිවුන් බිළිඳුන් සම්බන්ධයෙන් ය.
මෙම යුද ගැටුම් හේතුවෙන් නිරායුධ මිනිසුන් වන මෙම බිළිඳුන් දෙදෙනාගේ මව්පියන් ද මියගොස් තිබෙනවා.
හමාස් සටන්කාමීන් විසින් මෙම බිළිඳුන් සිය මව්පියන් සමග රැඳී සිටි නිවසට ප්‍රහාරයක් එල්ල්ල කර ඇත.
පසුව හමාස් සටන්කාමීන් ඔවුන්ගේ නිවසේ ඉදිරිපස දොර කඩාදැමීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී බිළිඳුන්ගේ මව සහ පියා වහාම බිළිඳුන් දෙදෙනා නිවසේ රහසිගත ස්ථානයක සැඟවා ඇත.
එලෙස සැඟවීමෙන් පසුව නිවසට ආ හමාස් සටන්කාමීන් අතින් මව්පියන් දෙදෙනා මියගොස් තිබෙනවා.
පසුව පැය 14ක පමණ කාලයකට පසුව එම නිවස පරීක්ෂා කිරීමේ දී ගලවාගැනීමේ කණ්ඩායම් විසින් එහි සඟවා සිටි බිළිඳුන් දෙදෙනා සොයාගෙන ඇත.
කෙසේ වෙතත්, ඒ වනවිටත් බිළිඳුන් සීරීමකට හෝ ලක් නොවී සිට තිබෙනවා.
පසුව බිළිඳුන් ඔවුන්ගේ මිත්තණිය වෙත භාරදීමට ද පියවර ගෙන ඇත.
