දිවයින පුරා සංචරණ සීමා අද සිට වෙනස් කෙරේ..විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Lock down Isolating
By Aruna Oct 26, 2021 03:58 AM GMT
Aruna

Aruna

Report

මෙතෙක් කාලයක් රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව ප්‍රකාශ කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සදහා පනවා තිබූ සීමා අද සිට තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුවයි.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ, එළිමහන් ක්‍රියාකාරකම් දිරිගැන්වීමට පියවර ගනිමින්.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගි වීමට අවසර හිමි වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහ මංගල උත්සවවල දී මත්පැන් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

එසේම ආපනශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

එළිමහන් උත්සව සදහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ද පුද්ගලයින් 100ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

නිළ රැස්වීම් සහ උත්සව සදහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට වන අතර, එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.