දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ...වෛද්‍යවරුන් ගෙන් අනතුරු ඇඟවීමක්.
Police
Sri Lanka
Healthy
Isolating
By Aruna
අද(25) අලුයම 4.00 දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වනු ඇති.
අද අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියා.
මේ අතර, සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
කෙසේවෙතත් දෙදහස ඉක්මවා දෛනික ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනතුරු අඟවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |