කැම්පියන් ජල නළ පද්ධතිය කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
පවුල් 225ක ජල සැපයුම ඇනහිටී බගවන්තලාව, කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතිය ස්ථාන කිහිපයකින් කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලීසිය සමත්ව තිබේ.
කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට නගරයේ ජල ටැංකිය වෙත ජලය ගෙන යන ප්‍රධාන නළ පද්ධතියට ඊයේ (27) රාත්‍රියේ මෙලෙස හානි සිදුකර ඇත.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සිදුකළ පරීක්ෂාවලදී විනාශ කරන ලද ජල නළ කොටස් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වතුයායේම පදිංචි තරුණයන් දෙදෙනෙකි.
ජල නළ පද්ධතිය විනාශ වීමත් සමඟ ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම හේතුවෙන් කැම්පියන් නගරයේ ව්‍යාපාරිකයන් මෙන්ම වතුකම්කරු පවුල් 225ක් පමණ දැඩි පීඩාවට පත්ව සිටිති.
සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්
මෙම විනාශකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් නගරයේ වෙළෙඳුන් සිය වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයක ද නිරත වූහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.