ලංකාවේ පාසල් අධ්‍යාපනයට දැවැන්ත වෙනසක් - 2027 නව විෂයමාලා රාමුව ගැන අධ්‍යාපන නිලධාරීන්ට දැනුම්දෙයි

Report

ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පරිශ්‍රයේදී  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

මෙහි ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමයි .

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරුද මෙහිදී නිලධාරීන් වෙත ලබා දී ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම විෂයමාලා රාමුව ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා නිකුත් කිරීමට නියමිත බවද මෙහිදී හෙළිදරව් වී තිබේ.

ජාතික විෂයමාලා රාමුවට අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීම, සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව සහ ඇගයීම් ක්‍රමවේදයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳවද මෙහිදී පැහැදිලි කර ඇත.

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයන් මෙන්ම 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාරධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා ඇතුළු නව විෂය ක්ෂේත්‍ර පිළිබඳවද නිලධාරීන් දැනුවත් කර තිබේ .

තවද 2027 වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සිදුකරමින් පවතින කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද සහභාගී වූ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකෙරෙන පාසල් යටිතල පහසුකම් සහ ඩිජිටල් උපකරණ සංවර්ධන ව්‍යාපෘති, පළාත් මට්ටමින් ක්‍රියාත්මක ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල සම්පාදනය හා බෙදාහැරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබුණි   .

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්