යුද උණුසුම උග්‍ර වෙයි - හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Report

අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉරානය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය සම්බන්ධයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වය මෙසේ තවදුරටත් උග්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්

ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ඉරානය මෙසේ පවසා ඇති බව සඳහන්.

එසේම මින් පෙරද ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ලෝක බීබීසී පුවත් සේවය වාර්තා කළේ සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරාන රජය ප්‍රකාශ කළ බවටයි.

තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්

තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

යුද්ධේ තව වැඩිවුණොත් ලංකාවට තවත් අසුබ අනාවැකියක් - මැයි මාසයේ පළමු දිනට යෙදෙන ඉන්ධන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක්?

යුද්ධේ තව වැඩිවුණොත් ලංකාවට තවත් අසුබ අනාවැකියක් - මැයි මාසයේ පළමු දිනට යෙදෙන ඉන්ධන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක්?