ගබඩාවක් පිරෙන්න යාපනයෙන් ඇල්ලූ තෙල් තොගය
යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය විසින් යාපනයේ ඌරේජු ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති තොගය තුළ ඩීසල් ලීටර් 4700ක් වන අතර එයට පෙට්‍රල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 400ක් ඇතුළත් බව වාර්තා වී තිබේ.
අදාළ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශන වැඩිදුර සිදුකරන බව පොලීසිය පවසයි.