දසුන් ශානක 2026 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට
ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක 2026 ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බව වාර්තා වේ.
ආබාධයකට ලක්වූ එංගලන්ත ක්රීඩක සෑම් කරන් වෙනුවට ආදේශක ක්රීඩකයෙකු ලෙස ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය තහවුරු කරයි.
මෙවර පකිස්ථාන සුපර් ලීග් (PSL) වෙන්දේසියේදී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් පකිස්ථානු රුපියල් ලක්ෂ 75කට දසුන්ව මිලදී ගෙන තිබුණද, මෙම නව IPL අවස්ථාවත් සමඟ ඔහු එම කොන්ත්රාත්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
සෑම් කරන්ගේ ඉකිලි ආශ්රිත ආබාධය හේතුවෙන් පුරප්පාඩු වූ ස්ථානය සඳහා දසුන් ශානක සුදුසුම ආදේශකයෙකු ලෙස රාජස්ථාන් බලධාරීන් හඳුනාගෙන තිබේ.
යුද්ධේ තව වැඩිවුණොත් ලංකාවට තවත් අසුබ අනාවැකියක් - මැයි මාසයේ පළමු දිනට යෙදෙන ඉන්ධන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක්?
මෑතකදී නිමාවූ විස්සයි20 ලෝක කුසලානයේදී දසුන් දැක්වූ සුපිරි දක්ෂතා මෙම කැඳවීමට ප්රධානතම හේතුව වී ඇති බව ක්රීඩා විචාරකයින් පවසති. මෙය දසුන් ශානක IPL තරගාවලියක් නියෝජනය කරන තෙවන අවස්ථාව වන අතර, මීට පෙර ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළේය.