ඉන්ධන මිල ඉහළ යාම කළුකඩ සූදුවක් මේක ආණ්ඩුවේ නොහැකියාව
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම, හුදෙක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමක් නිසා නොව, වැඩබැරි ආණ්ඩුවක් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන ‘කළුකඩ සූදුවක්’ බව පවසයි.
බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (මාර්තු 22) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රජය පරණ තෙල් තොග රඳවාගෙන නව මිල ගණන් යටතේ අලෙවි කරමින් අධික ලාභයක් ලබන බව ඔහු චෝදනා කළේ ය.
එමෙන්ම, අසීමිත ලෙස බදු පනවා ජනතාව රවටවමින්, පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය පහසුකම් නොදුන්නහොත්, රටේ ආර්ථිකය බිඳවැටීමට එයම ලොකු හේතුවක් වන බව විමල් වීරවංශ පෙන්වා දුන්නේ ය.