ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට - නවමිල මෙන්න
අද (22) සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 487කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.