වාර්තා බිඳිමින් ප්‍රින්ස්ලි ලියනගේගෙන් ගිනස් ලෝක වාර්තා තුනක්

Report

යාන්ත්‍රික නොවන ඇවිදිමේ යන්ත්‍රයක අඛණ්ඩව පැය 48ක් දිවිමෙන් ගිනස් වාර්තා තුනක් පිහිටුවිමට විශ්‍රාමික රියඅද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමත්ව ඇත.

ඒ අනුව මේ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නාවික හමුදාව පහසුකම් ලබා දී තිබෙනවා.

මෙම වාර්තාව පිහිටුවීම සඳහා ධාවනය පෙරේදා දින ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ අද (22) දින උදෑසන වන විට පැය 48ක කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදීම සාර්ථකව අවසන් කර ඇත. ඒ නව ගිනස් වාර්තා තුනක් පිහිටුවීමට සමත් වීමත් සමඟයි.

ඒ අනුව මීට පෙර යාන්ත්‍රික නොවන ඇවිදිමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් කිලෝමීටර් 94.30ක් දුරක් ධාවනයේ යෙදීමෙන් ඔහු විසින්ම තබා තිබු ගිනස් වාර්තාව බිඳ දමමින් පැය 12ක කාලයකින් කිලෝමීටර් 100.36ක් එක දිගට ධාවනයේ යෙදීමෙන් ඔහු පළමු ගිනස් වාර්තාව පිහිටුවා ඇත.

වසර 68කට පස්සේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ඓතිහාසික ජයක්

වසර 68කට පස්සේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ඓතිහාසික ජයක්

එසේම දෙවන ගිනස් වාර්තාව සඳහා සුදුසුකම සම්පුර්ණ කළ ප්‍රින්ස්ලි ලියනගේ යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් තුළ කිලෝමීටර් 188.13ක දුරක් දිවීමෙන් මීට පෙර තබා තිබු ගිනස් ලෝක වාර්තාව ද බිඳ දැමීමට සමත් විය.

ඒ අනුව පැය 24ක කාලයක් තුළ කිලෝමීටර් 190.55ක් ධාවනයේ යෙදෙමින් ඔහු මෙම වාර්තාව ද අලුත් කර ඇත.

එමෙන්ම පැය 48ක කාලයක් තුළ කිලෝමීටර් 316.4ක දුරක් දිවිමෙන් ඔහු තුන්වන ගිනස් වාර්තාව ද අද (22) උදෑසන පිහිටු වීමට සමත් විය.

නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිමට විශාල කිර්තියක් හා අභිමානයක් ගෙන දෙමින් ප්‍රින්ස්ලි ලියනගේ මෙසේ ගිනස් වාර්තා තුනක් පිහිටුවීම අධිෂ්ඨානයෙන් අභියෝග ජය ගැනිමේ තවත් එක් ආදර්ශයක් ලෙස වාර්තා අතරට එක් විය.

දසුන් ශානක 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට

දසුන් ශානක 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

පහත වීඩියෝව උපුටා දක්වා ඇත.