ඉන්ධන හිඟ බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රට තුළ ඉන්ධන නොමැති බව පවසමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකුඅත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පෙන්වා දෙන්නේ, එම ප්‍රචාරයන් හේතුවෙන් විදේශිකයින්ගේ පැමිණීම අධෛර්යමත් වන අතර සංචාරක ව්‍යාපාරයටද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවයි.

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වත්තේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් මහජනතාව අතර භීතිය සහ අවිශ්වාසය ඇතිවන ආකාරයෙන් අසත්‍ය තොරතුරු පතුරවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පවතින තත්ත්වය මත තැපැල් කටයුතුවල වෙනසක් ගැන විශේෂ දැනුම්දීමක්

පවතින තත්ත්වය මත තැපැල් කටයුතුවල වෙනසක් ගැන විශේෂ දැනුම්දීමක්

සැකකරු ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.