අතුරුදන් වූ අමෙරිකානු නියමුවා හොයන්න ඉරානයෙනුත් මෙහෙයුමක් දියත් කරයි

Report

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානයද මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු ඉරානයේ දී ඊයේ (3) මෙලෙස බිම හෙළන ලද්දේ 'F-15' වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකි එහිදී එම ජෙට් යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට හැකිවිය. කෙසේ නමුත් අතුරුදන් නියමුවාට කුමක් සිදුවී ඇත්දැයි මෙතෙක් කිසිදු සඳහනක් නොමැත.

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා විසින් බිම හෙළන ලද ජෙට් යානය සම්බන්ධයෙන් ඇමරිකාවට සමච්චල් කරලා

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා විසින් බිම හෙළන ලද ජෙට් යානය සම්බන්ධයෙන් ඇමරිකාවට සමච්චල් කරලා

 ඒ අනුව ඔහු සොයා අමෙරිකානු බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදවා ඇති බව වාර්තා වෙයි .

නමුත් එම හෙලිකොප්ටරයකට සෝදිසි මෙහෙයුමට ප්‍රවේශ විය නොහැකි නම්, ඒ සඳහා 'AC-130' යානයක් හරහා ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමටද අමෙරිකාව සූදානමින් සිටින බවද විදෙස් වාර්තා සදහන් කර තිබේ.