iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

Report

Apple සමාගම මඟින් iPhone භාවිතාකරුවන්ට සිය උපාංග වහාම යාවත්කාලීන කරන මෙන් හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව Apple සමාගම සදහන් කරන්නේ, “ඉතා සංකීර්ණ” ලෙස විස්තර කළ සයිබර් ප්‍රහාරයන්හිදී සිදුවිය හැකි බරපතළ මෘදුකාංග දුර්වලතා දෙකක් හඳුනාගෙන තිබෙන බවයි.

එබැවින් මෙම සතියේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, මෙම දෝෂය Safari මඟින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම වන WebKit බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර්වලට මෙය බලපා තිබෙන බව සඳහන්.

එමෙන්ම Apple සමාගම පෙන්වා දෙන්නේ මෙම දුර්වලතා හේතුවෙන් පරිශීලකයෙකු අනිෂ්ට වෙබ් අඩවියක් නැරඹීමෙන් පමණක්, උපාංගයට හානිදායක code ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි.

අඳාළ ගැටලු නිරාකරණය කිරීමට Apple මඟින් iPhone, iPad සහ අනෙකුත් Apple උපාංග සඳහා හදිසි යාවාත්කාලීන (emergency software update) කිරීමක් නිකුත් කර තිබෙන අතර, ආරක්ෂාව තහවුරු කර ගැනීමට එම යාවත්කාලීනය වහාම ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් Apple සමාගමේ iPhone පරිශීලකයින් ගණන බිලියන 1.8කට ආසන්න වුවත් මෙම අනතුරු ඇඟවීමෙන් ඒ සියලුම උපාංග විශාල බිඳ වැටීමකට ලක්ව ඇති බවක් අර්ථ නොකෙරෙන බව සඳහන්.

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

එසේම මෙම updates ස්ථාපනය නොකළහොත් ඇතිවිය හැකි අවදානම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද විශේෂඥයන් පවසයි.

අඳාළ ප්‍රහාරයන් පිටුපස සිටින පාර්ශවය හෝ ඉලක්ක වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු Apple මඟින් ආරක්ෂක හේතු මත අනාවරණය කර නොමැති අතර Apple සමාගම දක්වන්නේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවයි.

එබැවින් සියලුම පරිශීලකයින් තම උපාංග නවතම ආරක්ෂක updates සමඟ නිතරම යාවත්කාලීන කර තබා ගැනීම අත්‍යවශ්‍ය බව Apple සමාගම අවධාරණය කරයි.

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා