ලක්ෂ 25ක අල්ලසක් ගත් IPට වැඩ වරදින් ලකුණු

Sri Lanka Police Colombo Sri Lanka Bribery Commission Sri Lanka
By Zara Mar 05, 2025 06:58 PM GMT
Zara

Zara

Report

නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා ඇත.

කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට ගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දී ඇත.

ඒ අනුව, නඩු අංක HCB/360/2025 යටතේ 2025.02.25 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

රනිල්ගේ සහාය මෙන්න මෙයාලටලු... කවුරුත් නොහිතපු වෙලාවක රනිල්ගේ තීරණය

රනිල්ගේ සහාය මෙන්න මෙයාලටලු... කවුරුත් නොහිතපු වෙලාවක රනිල්ගේ තීරණය

දුම්රිය පීලි පැනීමක් නිසා දුම්රිය ප්‍රමාදයක්!

දුම්රිය පීලි පැනීමක් නිසා දුම්රිය ප්‍රමාදයක්!

ReeCha