අමෙරිකාවේ වෙඩි තැබීමක් - 6ක් මරුට
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, මිසිසිපි ගඟ අසල පිහිටි අයෝවා ප්‍රාන්තයේ මස්කැටීන් වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය සනාථ කර තිබේ.
ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද සිද්ධියෙන් පසු වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීම සම්බන්ධයෙන් එරට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ඛේදවාචකය පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් හටගත් එකක් බවයි.