පිරමීඩ ක්‍රමයට කෝටි ගණනක් වංචා කළ ආයතන ප්‍රධානීන් 05කට සිදු වූ දේ.
By Wayomi
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පෞද්ගලික ආයතනයක ප්‍රධානින් පස් දෙනෙකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (12) නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව දෙසැම්බර් මස 09 වනදා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළා.
මොවුන් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කරමින් පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා බවට චෝදනා ලැබූවන්.
සිද්ධියට අදාළව වංචාවට හසු වූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එම ආයතනයේ ප්‍රධානීන් පස්දෙනා මහරගම, කුරුණෑගල, පොල්පිතිගම, ගිරිබාව සහ නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |