මුත්තියාන්කට්ටු වැවේ පා වූ මළ සිරුරක් ගැන පරීක්ෂණ

Report

මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ නිවේදනයක් නිකුත්කර තිබුණි.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි වැඩිදුරටත් සදහන් වේ. එහිදී එක් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

අනෙකුත් සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ‍ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කරයි. කෙසේ නමුත් මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳව පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත බව සඳහන් වෙයි.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි