විශ්වවිද්‍යාල සිසුවියව නේවාසිකාගාරේ දාලා අතවර කරාට අගමැතිනිය කතා කරයි
අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බවයි.
අද (03) දින වයඹ විශ්වවිද්‍යාලයේ කොරියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීම් සිදුකර ඇති තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව පැවසුවාය.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ එම පරීක්ෂණ කටයුතු ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කමිටුවක් මඟින් ක‍්‍රියාත්මක වන බවයි.
උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට විශ්වවිද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුළු සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට අග‍්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිව තිබේ.