තරුණියන් විශාල ප්‍රමාණයක් නිරුවත් කර ලප බලපු අමුතුම සම්මුඛ පරීක්ෂණය..නිරුවත් වූ යුවතියන්ට සිදුවූ දේ.

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 21, 2022 05:46 AM GMT
Aruna

Aruna

Report

ගුවන් සේවිකා රැකියා පෙන්නා තරුණියන්ගේ ලප බලපු මනු කියවන්නා ගුවන් සේවිකාවන් බඳවා ගන්නා ආයතනයක් මුවාවෙන් අන්තර්ජාලයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුරූපී තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ ජාවාරම්කරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හඟුරන්කෙත පදිංචි ජලසම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය වෙත මාතලේ හා මහනුවර පදිංචි සිද්ධියට මුහුණ පෑ තරුණියන් දෙදෙනකුගෙන් ලද පැමිණිලි මත කළ විමර්ශනයකදී සැකකරු කොටු කරගෙන තිබේ.

මහනුවර පිහිටි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා චතුරි දිසානායක ඇතුළු කණ්ඩායමක් සැකකරු සමග මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන හතරක්, සිම් කාඩ්පත් 13 ක් හා පරිගණකයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී පරිගණක තුළ තිබී තරුණියන් විසිදෙනකුට වැඩි ගණනකගේ නිරුවත් ඡායාරූපද සොයාගෙන තිබේ.

මොහු කාන්තාවක ලෙස පෙනී සිටිමින් ‘රුවැත්තියන්ගේ ගැටලු’ නමින් වසර දෙකක පටන් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් තරුණියන්ට රූපලාවණ්‍ය උපදෙස්, රැකියා අවස්ථා හා රඟපෑමේ අවස්ථා ලබාදෙන කණ්ඩායම් සම්බන්ධ කරදෙන බව හඟවා ඇත.

ඒ අතරේ ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවට ෆේස්බුක් පෝස්ටුවක් එම ගිණුමේ පළකර තරුණියකගේ නමක් හා අංකයක් යොදා තිබී ඇත.

කෙටි පණිවුඩ මගින් අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂාව සඳහා ආයතනය ප්‍රධානියා හා සම්බන්ධ වන ලෙස තව අංකයක් තරුණිය ලෙස පෙනී සිටින අංකයෙන් එස්.එම්.එස්. යවා ඇත.

ඒ අනුව ආයතන ප්‍රධානියා ලෙස සැකකරු මූලික සුදුසුකම් සපුරා ඇති බවත් ඇඟිලි, නියපොතු, කකුල්, කොණ්ඩය හා මුහුණේ වෙන වෙනම ඡායාරූප එවන ලෙස දැනුම් දී ඇත.

ඉන්පසුව සියලු ගනුදෙනු කෙටි පණිවුඩ මගින් කර තිබේ.

සිරුරේ කැළැල් ඇතිදැයි බැලීමට හා සිරුරේ ඡායාරූප බැලීමට තම නිලධාරිනිය වෙත නිරුවත් ඡායාරූප එවන ලෙස අවසන් වශයෙන් දැනුම් දී ඇත.

එම දැනුම් දීම අනුව තරුණියන් විශාල පිරිසක් ගුවන් සේවිකාවක් වීමේ අපේක්ෂාවෙන් මෙම අංකයට නිරුවත් ඡායාරූප එවා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම ඡායාරූපවල සිටින තරුණියන් බිය වද්දවා ලිංගික අල්ලස් ගැනීමට ඉන්පසුව මොහු පියවර ගෙන ඇත.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සම්මුඛ පරික්ෂණය කරන තරුණිය ලෙසින් කෙටි පණිවුඩ යැවීමේ සිට සියලු දේ කර ඇත්තේ සැකකාර මනු කියවන්නා බවය.

මොහු වසර දෙකක් පමණ මෙම ෆේස්බුක් ගිණුම හරහා තරුණියන් රවටන ජාවාරම කර ඇති අතර මොහුගේ ග්‍රහණයට හසුවූ තරුණියන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now