සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව..

Singapore North Korea
By Sithumi Dec 13, 2022 02:12 PM GMT
Sithumi

Sithumi

Report

 උතුරු කොරියාවට ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයෙකු සිංගප්පූරුව විසින් සිරගත කර තිබෙනවා. අදාළ පුද්ගලයා උතුරු කොරියාවට සිංගප්පූරු ඩොලර් මිලියනයක් වටිනා ආහාර පාන අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

  එලෙස අලෙවි කළ ආහාරපාන වර්ග අතර ස්ට්‍රෝබෙරි රසැති දියර කිරි, කෝපි, වයින්, විස්කි මෙන්ම සුවඳ විලවුන් ද ඇතුලත්. 

 උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම හමුවේ සිංගප්පූරුව 2017 වසරේදී ඔවුන් සමග සිදුකරන වෙළඳ ගනුදෙනු අත්හිටුවනු ලැබු අතර  අදාළ පුද්ගලයා සිංගප්පූරුවේ ප්‍රකට සමාගම් හරහා උතුරු කොරියාවට ආහාර හා පාන වර්ග අලෙවි කර බවටයි චෝදනා එල්ල වී ඇත්තේ එවන් පසුබිමක් තුළයි.  

සිංගප්පූරුවේ සිට උතුරු කොරියාවට භාණ්ඩ අපනයනය කරන පුද්ගලයෙකුට එරෙහිව ලබාදනෙ උපරිම දඬුවම සිංගප්පූරු ඩොලර් ලක්ෂයක් හෝ අපනයනය කළ භාණ්ඩවල වටිනාකම මෙන් 03 න් ගුණයක් වනවා.  

ඒ අනුව ඔහුට සති 05 ක සිරදඬුමක් නියම කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.  විදෙස් මාධ් වැඩිදුරටත් වාර්තා කළේ එමෙන්ම එම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට වසර 02 ක සිරදඬුවමක් හෝ අදාළ දඩ මුදල යන දඬුවම් දෙකම වුවද පැනවිය හැකි බවයි
.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now