"ලංකාවට යනවා නම් රක්ෂණයක් අත්‍යවශ්‍යයි"
බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම රට වැසියන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා වැදගත් බවයි බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර පිසීමට ගන්නා ගෑස්, ඉන්ධන සහ ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් හදිසි ගිලන් රථ සේවා වලට, පොදු ප්‍රවාහන පහසුකම් වලට, හදිසි සේවාවලට, රෝහල් වලට බලපෑම් එල්ල විය හැකි බවත් යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වෙනවා.
එසේම විදුලිය සලාක ක්‍රමයට ලබා දීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු වෙන බවද ඔවුන්ට අවධාරණය කරනවා.
එමෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් කෙටි දැනුම්දීමකින් පෙළපාලි, මාර්ග බාධක සහ ප්‍රචණ්ඩ නොසන්සුන්තා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |