රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය
By Kanchana
වර්තමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් සාර්ථකව පවත්වාගෙන යාමට, එම ගොවිපළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත .
කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පවතින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම රක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.
මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13600/= රක්ෂණ මුදලක් ගෙවිය යුතු වේ. එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රු.180000/= මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබේ.
තවද මෙතුළින් ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලාබෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානි ද මෙමඟින් ආවරණය කරනු ලබයි.