අත්හිටුවූ Insta! - පරිශීලකයින් අතරමං
මෙටා (Meta) සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය අමෙරිකා එක්සත් ජනපදයේ පරිශීලකයින් 10,000කට වැඩි පිරිසකට ඊයේ (04) රාත්‍රියේ අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අන්තර්ජාල සේවාවල බිඳවැටීම් නිරීක්ෂණය කරන Downdetector.com වෙබ් අඩවියට අනුව, එරට වේලාවෙන් රාත්‍රී 8:30 වන විට පරිශීලකයින් 10,108 දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීමේදී ගැටලු පවතින බවට වාර්තා කර තිබෙනවා.
බොහෝ පරිශීලකයින් පවසා ඇත්තේ ඔවුන්ගේ 'News Feed' යාවත්කාලීන නොවන බවත්, සමහරුන්ට ගිණුම්වලට ඇතුළු වීමට (Log in) නොහැකි වූ බවත්.
Downdetector වෙබ් අඩවිය විවිධ මූලාශ්‍ර හරහා ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර මෙම දත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පද්ධතියේ දෝෂයක් පවතින අවස්ථාවලදී දිස්වන "Sorry, something went wrong" යන පණිවිඩය බොහෝ දෙනෙකුට දිස්වී ඇති බව සඳහන්.
මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් මෙටා සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, වාර්තා වන පරිදි වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය හරහා පිවිසෙන පරිශීලකයින්ටයි.