ඔලුගල හදිස්සියේම රෝහල් ගතකරපු හේතුව මෙන්න..

Report

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහිදී ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ විශේෂ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශ මත, පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් පසුවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා මාධ්‍ය විමසීමකදී තහවුරු කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත්, අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මෑතකදී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබූ අතර, සංවිධානාත්මක අපරාධ මර්දනය සම්බන්ධයෙන් දක්ෂතා දැක්වූ නිලධාරියෙකු ලෙස හඳුනාගෙන තිබේ.  

රජයේ පාසල් ගැන ඇහෙන කණගාටුදායක ආරංචිය

රජයේ පාසල් ගැන ඇහෙන කණගාටුදායක ආරංචිය

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල