කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

Report

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකාර සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා පසුගිය 22 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. මෙම පැවරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ අපරාධ ජාලයේ ස්වරූපය මෙම ඝාතනය සමඟ අනාවරණය වීමයි.

හිරාන් කෝසලගේ ඝාතකයන් දෙදෙනා දෙසැම්බර් 07 වැනිදා සිට අම්පිටියේ ඔහුගේ නිවසේ රැඳී සිටි බව හෝ ඝාතනයෙන් පසු ඔවුන් යළිත් පැමිණ රැඳී සිටි බව දේශබන්දු මහතා නොදැන සිටින්නට ඇතැයි තර්ක කළ හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව හිටපු පොලිස්පතිවරයාගේ නිවස ස්වකීය පාතාල ඝාතකයන්ගේ ආරක්ෂිත නිවසක් ලෙස භාවිත කිරීමට තරම් සංවිධානාත්මක අපරාධකරුවන් දක්ෂතාවයකින් යුක්ත වීමයි.

අම්බලන්ගොඩ ඝාතනයේ සැකකරුවන් දේශබන්දුගේ ගෙදරින් හැංගුණාද? ඇත්ත කතාව මෙන්න!

අම්බලන්ගොඩ ඝාතනයේ සැකකරුවන් දේශබන්දුගේ ගෙදරින් හැංගුණාද? ඇත්ත කතාව මෙන්න!

මේ වන විට අපරාධ විමර්ශකයන් ඉදිරියේ ඇති බරපතළම අභියෝගය වන්නේ අපරාධකරුවන්ගේ මෙම දක්ෂතාවයයි. හිටපු පොලිස්පතිවරයා ද සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් එකෙකු ලෙස අපරාධ ලෝකය විසින් හඳුනාගෙන තිබීම දක්වා මෙම දක්ෂතාවය ව්‍යාප්ත වී ඇත.

දැන් මුළු රටම දන්නා ආකාරයට, අම්බලන්ගොඩ සිංගර් කෝසලගේ ඝාතකයා සහ යතුරුපැදිකරුවා දේශබන්දු මහතාගේ අම්පිටියේ නිවස වෙත යොමු කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා විසිනි.

හිරාන් කෝසලගේ ඝාතකයා සහ යතුරුපැදිකරුවා දෙසැම්බර් 07 වැනිදා සිට දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් අම්පිටියේ නිවසේ රැඳී සිටි බවට සාක්ෂි සපයන්නේ එම නිවසේ මුරකරුය. එසේම, මෙම ඝාතකයන් මහනුවර සිට අම්බලන්ගොඩ දක්වාත්, ඝාතනයෙන් පසු යළි මහනුවර දක්වාත් ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියදුරුය. මෙම පුද්ගලයන් දෙදෙනා නිවසින් පිටව ගොස් ඇත්තේ 21 වැනිදා ආසන්නයේදීය.

ගී රැජිණට සමුදෙන්න ආ සීලරතන හිමිට හොදටම කේන්ති යයි - පලු යන්න බනියි

ගී රැජිණට සමුදෙන්න ආ සීලරතන හිමිට හොදටම කේන්ති යයි - පලු යන්න බනියි

මහනුවර අම්පිටියේ දේශබන්දු මහතාගේ නිවසේ සිට වෙඩික්කරුවා සහ යතුරුපැදිකරුවා අම්බලන්ගොඩ දක්වා රැගෙන ආවේ WP KJ – 2769 අංකය දරණ සුදු පැහැති ටොයොටා කොරොල්ලා වර්ගයේ රථයකිනි.

මහනුවර සිට පැමිණි වෙඩික්කරුවා සහ යතුරුපැදිකරුවාට ගිනි අවි දෙකක් සහ යතුරුපැදිය ලැබුණේ අම්බලන්ගොඩදීය. ඔත්තුකරුවන් හරහා හිරාන් කෝසල ප්‍රදර්ශනාගාරයේ සිටින බව දැනගත් පසු, වෙඩික්කරුවා රැගෙන යතුරුපැදිකරුවා එම ස්ථානයට ගමන් කළේ ZR BEM – 3513 අංකය දරණ යතුරුපැදියෙනි. එම යතුරුපැදියේ එවකට සඳහන්ව තිබුණේ WP BFQ – 5853 යන ව්‍යාජ අංක තහඩුවයි.

වෙඩි තැබීමේදී එක් ගිනි අවියක් ක්‍රියාත්මක නොවූ බැවින්, වෙඩික්කරුවා යතුරුපැදියට ගොස් දෙවැනි අවිය රැගෙන පැමිණ වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

කරන්දෙණියේ සුද්දාගේ දේශබන්දුගේ නිවස සම්බන්ධතාව 

ඝාතනයෙන් පසු යතුරුපැදිය අතරමඟ අතහැර දැමීමට පුද්ගලයකුට භාර දුන් ඝාතකයා සහ යතුරුපැදිකරුවා බස් රථයකින් ගල්කිස්සට ගොස් ඇත. එවකට ඝාතකයන් දේශබන්දු මහතාගේ අම්පිටියේ නිවසේ සිට අම්බලන්ගොඩට රැගෙන ආ මෝටර් රථය ගල්කිස්සේ තිබී ඇත. එම රථයට ගල්කිස්සෙන් ගොඩවූ වෙඩික්කරුවා සහ යතුරුපැදිකරුවා ගමන් කර ඇත්තේ මාකොල පිහිටි ඉදිකිරීම් භූමියකටය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කර තිබුණේ මාකොල ඉදිකිරීම් භූමි හිමිකරු වන කොන්ත්‍රාත්කරු විසිනි. මහර, කඩවත පදිංචිකරුවකු වන ඔහු ඇල්පිටිය සම්බන්ධකම් ඇති අයෙකු බව ද හෙළි වී ඇත. ඒ අනුව, විමර්ශන අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ඝාතකයන්ට නවාතැන් පහසුකම් සැපයීමේ කටයුතු මුල සිටම සම්බන්ධීකරණය කිරීමට මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති බවයි.

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ මහනුවර නිවසේ අලුත්වැඩියා කටයුතු භාර දුන්නේ දකුණු පළාතේ රන් මහත්තයා නමැති පුද්ගලයකු විසින් බවයි. ඒ අනුව, විමර්ශන අංශ රන් මහත්තයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

මෙහිදී වඩාත්ම වැදගත් තොරතුරු හෙළි වන්නේ රන් මහත්තයාගෙන්ය. මහනුවර නිවසේ අලුත්වැඩියා කටයුතු තමාට භාර දුන්නේ කරන්දෙණියේ සුද්දා විසින් බව ඔහු පවසා ඇත. කොන්ත්‍රාත්තුවට අදාළ ගෙවීම් ද කරන්දෙණියේ සුද්දා විසින් සිදු කර ඇත.

සුද්දාගේ උපදෙස් අනුව තමා දන්නා කොන්ත්‍රාත්කරුවකු වන අරුණ නමැත්තාට අම්පිටියේ නිවසේ අලුත්වැඩියා කටයුතු භාර දුන් බව රන් මහත්තයා පවසා ඇත. රන් මහත්තයා සහ කොන්ත්‍රාත්කරු හරහා කෝසලගේ ඝාතකයන්ට එම නිවසේ නවාතැන් ගැනීමේ කටයුතු සංවිධානය කර දුන්නේ ද කරන්දෙණියේ සුද්දා විසින් බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අපරාධකරුවන් යළිත් දේශබන්දුගේ නිවසට

ඝාතකයන් යළිත් දේශබන්දු මහතාගේ අම්පිටියේ නිවස වෙත රැගෙන ගියේ ඔවුන් මහනුවරින් අම්බලන්ගොඩට රැගෙන ආ රථයේ රියදුරු විසිනි. එම රියදුරු මේ වන විට අත්අඩංගුවේ සිටී. මෝටර් රථය සමඟම ඔහු අත්අඩංගුවට පත් වී ඇත. රිවෝල්වරය සහ පිස්තෝලය සැපයූ බව කියන කාන්තාව, ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන්, රන් මහත්තයා සහ මාකොල කොන්ත්‍රාත්කරු දැන් අත්අඩංගුවේ සිටිති.

අත්අඩංගුවේ සිටින පිරිස 08කි.වෙඩික්කරුවා සහ යතුරුපැදිකරුවා මහනුවරට රැගෙන ගොස් දේශබන්දු මහතාගේ අම්පිටියේ නිවස අසලින් බස්සවූ රියදුරු පැමිණ ඇති බවත්, රන් මහත්තයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඝාතකයන් එම නිවසින් පලා ගොස් ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

පෙමේ ඛෙදවාචකය - හෝටලයකදී ගහලා ලක්ෂ 60ක් ගත්තැයි සාරංගි සංගීතාගෙන් පොලිස් පැමිණිල්ලක්

පෙමේ ඛෙදවාචකය - හෝටලයකදී ගහලා ලක්ෂ 60ක් ගත්තැයි සාරංගි සංගීතාගෙන් පොලිස් පැමිණිල්ලක්

මෙම සිදුවීම රටම සැක කළ දේශබන්දු මහතාගේ පාතාල සම්බන්ධතාවයන්ගේ ස්වරූපය අනාවරණය කරන එක් උදාහරණයකි. දේශපාලන බලය සමඟ මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධව ඔහු ක්‍රියා කළ ආකාරය පොලිසිය තුළම දැන සිටි බව පැහැදිලිය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව දේශබන්දු මහතාගේ සම්බන්ධතාවයන් ප්‍රශ්න සහගතය. යුක්තිය මෙහෙයුම අතරතුර කරන්දෙණියේ සුද්දාට ආරක්ෂාව සැපයීමත්, අනෙක් පාර්ශ්වයන්ගේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමත් සම්බන්ධව පොලිසිය තුළම විවේචන එල්ල වූ අතීතයක් ඇත.

නැවත වරක් තහවුරු වන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙම රට මෙහෙයවූ ආකාරයයි. දේශපාලනය, මාධ්‍යය මෙන්ම පොලිසියේ ඉහළම තනතුර වූ පොලිස්පති තනතුර ද මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කරමින් පාතාලය අනුව හැසිරුණු ආකාරය බිහිසුණු යථාර්ථයකි.

මෙම බලය සහ මුදල් ජනතාවගේ ප්‍රාර්ථනා පමණක් නොව ආණ්ඩු පවා පුපුරුවා හැරීමට තරම් බලවත් බව අවබෝධ කර ගත යුතුය. තොණ්ඩුව හිර වන විට නැඟෙන මරණීය වියරුවට කිසිදු කොන්දේසියක් නොමැත.

කබ්රාල් කෝටි 180ක ගෙවපු කතාව.. මහජන සල්ලිද? ප්‍රශ්න ගොඩක්

කබ්රාල් කෝටි 180ක ගෙවපු කතාව.. මහජන සල්ලිද? ප්‍රශ්න ගොඩක්