හිර ගෙවල් වල දුක් විදින රැඳවියන් ප්‍රමාණය ඉහළට

Report

බන්ධනාගාර වාර්තාවල සඳහන් වෙන්නේ දිවයින පුරා පවතින බන්ධනාගාර 28 තුළ රැඳවියන් 10,500 ක් පමණ රඳවා තැබිය හැකි වුවත් පෙරේදා (19දා) වනවිට එම බන්ධනාගාරවල 38,101 ක් රඳවා සිටි බවයි .

ඒ වගේම රැඳවියන් වැඩිවීම සදහා රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීමත් ,   මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් රැඳවීමට සිදුවීමත් බලපා ඇත.

තවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සදහන් කරන්නේ මෙම පිරිසෙන් 36,305ක් පිරිමි රැඳවියන් වන අතර 1,796 ක් කාන්තා රැඳවියන් බවයි.

ඒ වගේම එම වාර්තා වල සියයට හැටකට (60%) වැඩි ප්‍රමාණ‍යක් මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටින බව සදහන් වේ .

ඒ අනුව මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ රඳවා සිටින පිරිස 20,177කි. එම පිරිස අතර පිරිමි රැඳවියන් 19,063 ක් වන අතර කාන්තා රැඳවියන් 1,114 කි එලෙස රඳවා සිටින පිරිස අතර සිරදඬුවම් ලබන පිරිස 10,813 ක් බවත් ඒ අතර කාන්තාවන් 237ක් සහ පිරිමි පුද්ගලයන් 10,576 ක් වන වගත් වාර්තා වේ.

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

මෙලෙස සැකකරුවන් ලෙසින් 27,288 ක ප්‍රමාණයක් රඳවා සිටී.

එම පිරිස අතර ඉන් 25,729 ක් පිරිමි ද සැකකරුවන් වන බවත් ගැහැණු සැකකරුවන් 1,559 ක් වන බව  ප්‍රකාශයට පත් කර ඇත.

තවද බන්ධනාගාරගතව විදෙස් විදේශීය අයවලුන් අතර කාන්තාවෝ 22 ක් සහ පිරිමි 142 ක් ද සිටින වග සදහන් වේ.

තවද බන්ධනාගාර කිහිපයක රැඳවිය හැකි ප්‍රමාණය ඉක්මවා රැඳවියන් තැබීමට සිදුව තිබේ .

ඒ අතර වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, මහර ඇතුළු   තවත් බන්ධනාගාර ඒ අතර වේ.

ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට කඩිනමින් යොමු කළහොත් මෙම බන්ධනාගාර තදබදය අඩුකර ගත හැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කර තිබේ .   

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න