පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී බිම දිගේ ඇදගෙන ගිය අයට වැඩ වරඳී.(VIDEO)

Police Accident Jaffna Wanniya inhumanely-assaulting-a-person
By Aruna Nov 22, 2021 03:55 AM GMT
Aruna

Aruna

Report

යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් අම්පනෙයි ප්‍රදේශයේදි වයෝවෘද්ද පුද්ගලයෙකුට අමානුසිකව පහරදුන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අම්පනෙයි ජේ-199 ප්‍රදේශයේ පිහිටි නිවෙස් යාබද නිවෙස් දෙකක මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී එක් නිවසකින් වයෝවෘද්ද පුද්ගලයෙකු යතුරුපැදියෙන් පිටවන අවස්තාවේදී යාබද නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ යතුරුපැදිකරුට අමානුෂික පහරදී බිම හෙලා නිවසට ඇදගෙන යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක පටිගත වී ඇත.

පසුව නිවස දෙසට ඇදගෙන ගිය පසු ගේට්ටුව වසාද යතුරුපැදිකරුට පහරදෙන අතර අසල්වැසියන් පැමිණ යතුරුපැදිකරු බේරාගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී අසල්වැසියන්ටද පහර දී ඇත.

අනතුරුව පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී අදාල පහරදීම සම්බන්ධයෙන් පිරිමි දෙදෙනෙකු හා කාන්තාවක් ඇතුලු තිදෙනෙකු චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල පහරදීම කලක සිට පවුල් දෙක අතර පැවතඑන ආරවුලක් බවටද පහරකෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි අයෙකු බවටද පහරදීම සිදුකල පුද්ගලයින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now