පොලිස් මාධ්‍ය ඒකකයෙන් තොරතුරක්..

Police spokesman Sri Lanka Police Sri Lanka Murder
By Piyumika Jul 13, 2024 05:33 AM GMT
Piyumika

Piyumika

Report

මනුෂ්‍ය ඝාතන 3ක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය තොරතුරු වාර්තා කර තිබේ.

ඒහිදී එක් ඝාතන ඊයේ (12 ) දිනයේ අලුයම සහ රාත්‍රී කාලයේ සිදු වී ඇති බව පොලීසිය පවසන අතර එය වාර්තා වී ඇත්තේ ඊයේ (12) අළුයම පොතුපිටිය රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයෙනි.

මරණයකින් කෙළවර වුනු සංගීතයේ ගැටුම..

මරණයකින් කෙළවර වුනු සංගීතයේ ගැටුම..

එම ප්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් සිටින බවට පොලීසිය ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා අසල්වැසි කාන්තාවකට අයුතු යෝජනාවක් සිදු කිරීම හේතුවෙන් එම කාන්තාවගේ පුරුෂයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ පොලු වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි රඹුක, රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. සැකකරුවන් 28 යා 35 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වාර්තා වේ.

මේ පිළිබඳ පොතුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටුනු "සුකොයි සුපර්ජෙට් 100" (VIDEO /PHOTO )

පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටුනු "සුකොයි සුපර්ජෙට් 100" (VIDEO /PHOTO )

මේ අතර ඊයේ රාත්‍රියේ රත්ගම රණපනාදෙනිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 60 හැවිරිදි රණපනාදෙනිය රත්ගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා පොල් ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කරන අතර විදෙස් ගත වී සිටින සිය බාල සොහොයුරුට අයත් වසා දමා ඇති නිවසේ සිටිය දී යම්කිසි අයෙකු විසින් පොල් උලකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට හේතුව හෝ එය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

අනෙක් ඝාතනය සිදු වී ඇත්තේ ඊයේ රාත්‍රීයේ ගල්නෑව ප්‍රදේශයේ ය.

පොලීසිය පැවසුවේ ගල්නෑව, කලංකුට්ටිය චන්දනගම මර්ගයේ සිට කලාඔයට යන අතුරු මාර්ගයක පුද්ගලයෙකු මියගොස් සිටින බවට ඊයේ රාත්‍රීයේ තොරතුරු වාර්තා වු බවය.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ 42 හැවිරිදි චන්දනාගම කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවය.

පවුල් අරවුලක් හේතුවෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.