පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටුනු "සුකොයි සුපර්ජෙට් 100" (VIDEO /PHOTO )
By Piyumika
කාර්ය මණ්ඩලය පමණක් සිට රුසියානු මගී ගුවන් යානයක් ඊයේ (12) මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරින් කඩා වැටී ඇති බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය පැවසීය .
එසේම, කාර්ය මණ්ඩලයේ තිදෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කරන බව ද පැවසේ. මෙසේ වනාන්තරයකට කඩා වැටී ඇත්තේ සුකොයි සුපර්ජෙට් (Sukhoi Superjet) 100 යානයයි.
එය අළුත්වැඩියා කටයුතුවලින් අනතුරුව සිදුකෙරෙන පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටී ඇති බවයි එරට රජයේ මාධ්‍ය වාර්තා කරනුයේ .
බටහිර නිෂ්පාදිත ගුවන් යානා වෙනුවට රුසියාව කලක සිට කලාපීය ජෙට් යානයක්වන සුකොයි සුපර්ජෙට් සංවර්ධනයට යොමුව තිබේ.
එමෙන්ම මෙම අනතුරින් සාමාන්‍ය ජනතාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
මෙම යානය එරට ගුවන් සේවයවන Gazprom Aviaට අයත් එකක් බව පැවසේ.