ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි.

Sri Lanka Inflation
By Wayomi Sep 15, 2022 11:05 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට බැස තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව මීට පෙර තිබුණේ තෙවන ස්ථානයේයි.

නමුත් මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය 106%ක් බවයි.

මෙම සතියට අඅදාළව නිකුත් කර ඇති එම උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිම්බාබ්වේ පසු වන අතර දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙළින් කියුබාව සහ ලෙබනනය පසුවෙනවා.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW

  

Gallery