ඒ ගමන මොකක්ද මේ වුණේ?. උද්ධමනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි..

Report

2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ගමන මොකක්ද මේ වුණේ?. උද්ධමනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි.. | Inflation June 2024

ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී ඇත.

එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණේ ය.

2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇත.

2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙස වේ.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා විය.