හිතාගන්න පුළුවන් ද මෙහෙම වෙයි කියලා. - මැයි මාසයේ උද්ධමන වාර්තාවෙන් හෙළි වූ දේ මෙන්න.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙස සටහන් වී ඇති අතර මේ මාසයේ 0.9%ක් දක්වා පහළ ගොස් ඇත.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මෙහිදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්,ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් ඇත.
....................................................