ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද..ලසිත් මාලිංගගෙන් ප්‍රේක්ෂකයින්ට දැනුම්දීමක්..

Lasith Malinga Cricket Sri Lanka Cricket Indian Cricket Team
By Aruna Aug 02, 2024 04:07 AM GMT
Aruna

Aruna

Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලිය අද දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟ තුනම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අද තරඟය පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතව ඇත.

දෙරට අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජය වී ඇති පසුබිමක් තුළයි, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියට පිවිසෙන්නේ.

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..


ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේදී ලැබූ පරාජයන් හේතුවෙන් බොහෝ පාර්ශවවල විවේචනයට ද ලක්ව තිබේ.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී මාලිංග පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 20යි 20 ලෝක කුසලාවය සහ තරඟ 03කින් සමන්විත පසුගිය ඉන්දීය 20යි 20 තරඟ පරාජයට පත් වීම ගැන තමන් මෙන්ම ප්‍රේක්ෂකයින් ද කණගාටුවට පත්ව ඇති බවයි.

මේ අනුව ක්‍රීඩකයින් තමන් පිතිකරුවන්,පන්දුයවන්නන් සහ පන්දු රකින්නන් යන කුමණ අංශයක ක්‍රීඩා කලත්, කුමන පුහුණුකරුවන් යටතේ ක්‍රීඩා කළ ද තමන්ගේ භූමිකාව හොදින් පුහුණුවීම් සිදු කර ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කරන ආකාරයට තම වඟකීම නිවැරදිව ඉටුකළ යුතුව ඇති බවයි.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.


තවද තරඟ පරාජය වුවද හූතියන්න පුළුවන්, තරග නැරඹීමට එන ප්‍රේක්ශකයින් නවක ක්‍රීඩකයින්ට සහ පැරණි ක්‍රීඩකයින්ට ශක්තියක් විය යුතු බවයි හිටපු ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ලසිත් මාලිංග අවධාරණය කරන්නේ.

ReeCha