මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු මාට්ටු
By Mithu
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.419ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 35ක් වයසැති සැකකරු, බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙරටට පැමිණි බව නිල වාර්තාවේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක් වන බවද රේගු නිලධාරීන් පවසති.සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.