මහ බැංකු අධිපතිගෙන් මුළු ලංකාවටම අසුබ ආරංචියක් - ඉස්සරහට වෙන්න යන දේ මෙන්න
උද්ධමනය ඉදිරියේදී 9%ක් දක්වා ඉහළ ගොස් 2027 දෙවැනි භාගයේදී 5%ක ඉලක්කය කරා පහළ යා හැකියි - මහ බැංකු අධිපති 2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඒ අනුව, ඉදිරි මාසවලදී උද්ධමනය 9%ක් පමණ දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා අද (20) සඳහන් කළේය. 2026 ඔක්තෝබර් මාසයේදී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත උද්ධමනය 8.3%ක් ලෙස සටහන් වී තිබුණි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
ඒ අනුව, 2027 වසරේ දෙවැනි භාගය වන විට උද්ධමනය ශ්රී ලංකා මහ බැංකුවේ 5%ක ඉලක්කය කරා ක්රමයෙන් ළඟා වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්රකාශ කළේය.