ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා

Report

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම පාකිස්තාන තරීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘවරයා ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක්වෙමින් සිටින බවට ඔහුගේ පුතුන් දෙදෙනා බරපතළ චෝදනා එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුලෙයිමාන් ඊසා ඛාන් සහ කාසිම් ඛාන් පවසා ඇත්තේ, සිය පියාට කඩිනමින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔහු බන්ධනාගාරය තුළදීම මියයාමේ අවදානමක් පවතින බවයි.

ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, ඉම්රාන් ඛාන් දිනකට පැය 22ත් 23ත් අතර කාලයක් හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවත්, බාහිර පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට සහ ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඇති අවස්ථා දැඩි ලෙස සීමා කර ඇති බවත්ය.

මේ අතර, වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත මාරු කරන ලෙස අගෝස්තු 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවද ඔහුගේ පුතුන් පෙන්වා දී තිබේ.

ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා | Imran Khan S Life At Risk Sons Raise Alarm

එමෙන්ම, තමන්ට සහ සිය බිරිඳ වන බුෂ්රා බිබීට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් පාකිස්තානයේ ඉහළම අධිකරණ විනිසුරුවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය පහසුකම් ලබා නොදෙන බවට එල්ල වන චෝදනා පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන කැබිනට් අමාත්‍ය තාරික් ෆසාල් චෞද්‍රි පවසා ඇත්තේ, ඉම්රාන් ඛාන්ට නිරන්තර වෛද්‍ය අවධානය සහ අවශ්‍ය පහසුකම් ලබාදෙන බවයි.

සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී

සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී

වෛද්‍ය පරීක්ෂණ සඳහා අවස්ථා අටකදී ඔහු ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත රැගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. තවද, ඉම්රාන් ඛාන් හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවටත්, පවුලේ සාමාජිකයන්ට ඔහු හමුවීමට අවස්ථාව ලබා නොදෙන බවටත් එල්ල වන චෝදනා ද පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව, ඉම්රාන් ඛාන්ගේ බන්ධනාගාර තත්ත්වය සහ ඔහුට ලබාදෙන වෛද්‍ය පහසුකම් සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා පාකිස්තාන බලධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න