ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේ (PHOTOS / VIDEO)

By Sewvandhi Dec 08, 2021 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 9 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත්ය.

නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

GalleryGalleryGalleryGalleryGallery