ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 13 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් ‍සිව් දෙනෙකුද නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ .

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සිම්බාබ්වේ වේගපන්දු යවන්නා මුසරබානිට පාකිස්තානයෙන් තහනමක්

සිම්බාබ්වේ වේගපන්දු යවන්නා මුසරබානිට පාකිස්තානයෙන් තහනමක්

අතීතයෙන් පාඩම් ගනිමින් අලුත් ගමනක් යන්න අපි සූදානම් - නාමල් කියයි

අතීතයෙන් පාඩම් ගනිමින් අලුත් ගමනක් යන්න අපි සූදානම් - නාමල් කියයි