ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

Report

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිනයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට නියමිතය. මෙම සංචාරය අතරතුර දෙරට අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුම් තුනක් හුවමාරු කරගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

තවද, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට එක්වන අතර, හෙට (10) නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

භාණ්ඩ ආනයනය තහනම්.. ඊශ්‍රායලය ලෝක අමාරුවක - රටවල් 12 ක විදේශ අමාත්‍යවරුන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

භාණ්ඩ ආනයනය තහනම්.. ඊශ්‍රායලය ලෝක අමාරුවක - රටවල් 12 ක විදේශ අමාත්‍යවරුන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්