බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර රජයේ වියදමින් මිහිදන් කෙරේ

Report

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියෙකු වන උම්නිතාත් සරත්චන්ද්‍රන් නැමැත්තාගේ මෘත දේහය විශේෂ ආරක්ෂාවක් යටතේ මීගමුව මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී මිහිදන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දී තිබේ.

මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ ඊයේ (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී CID ය පෙන්වා දුන්නේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 11 දෙනෙකු නම් කළ බවයි.

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

ඒ අනුව මේ වන විට නම් කර ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇත. අලුතින් නම් කළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටුව සඳහා ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙස CID ය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 2,200කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, රස පරීක්ෂක වෙත යොමුකළ නඩු භාණ්ඩවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද වැඩිදුරටත් අනාවරණය විය.

භාණ්ඩ ආනයනය තහනම්.. ඊශ්‍රායලය ලෝක අමාරුවක - රටවල් 12 ක විදේශ අමාත්‍යවරුන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

භාණ්ඩ ආනයනය තහනම්.. ඊශ්‍රායලය ලෝක අමාරුවක - රටවල් 12 ක විදේශ අමාත්‍යවරුන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්