සිස්ටම් එක හදනකම් නොමිලේම ඇප්ලයි කරන්න - පොලිස් නිෂ්කාශන සහතිකයට හඳුන්වා දුන් අලුත්ම තාවකාලික ක්‍රමය මෙන්න
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන පොලිස් නිෂ්කාශන සහතික සඳහා භාවිත කරන දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම පද්ධතිය තාවකාලිකව අක්‍රිය කර තිබේ.
හේතුවෙන් පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ .
බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශය මගින් අදාළ සහතික නිකුත් කිරීම, අයදුම්පත් කැඳවීම සහ මුද්‍රණය කිරීම සිදු කෙරෙනවා.
අයදුම්පත් යොමු කරන ආකාරය පද්ධතිය යථාවත් වන තෙක් මහජනතාවට www.police.lk නිල වෙබ් අඩවියට පිවිස “Download Application” ඔස්සේ අයදුම්පත බාගත කර සම්පූර්ණ කළ හැකියි. සම්පූර්ණ කළ අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුයි.
මෙලෙස අයදුම්පත් ලැබුණු පසු අදාළ පසුබිම් වාර්තා කැඳවීමට පොලිස් නිෂ්කාශන අංශය කටයුතු කරන අතර, සහතික නිකුත් කිරීම දත්ත පද්ධතිය නැවත සක්‍රිය කිරීමෙන් පසු සිදු කෙරෙන බව පොලිසිය සදහන් කර තිබේ.
මෙම තාවකාලික ක්‍රමවේදය යටතේ අයදුම් කිරීමේදී කිසිදු මුදලක් ගෙවීම අවශ්‍ය නොවන බවද දැනුම් දී ඇත. කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය ඔස්සේ අයදුම් කරන සියලුම අයදුම්කරුවන්, දත්ත පද්ධතිය යථාවත් වූ පසු පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.
පෙර අයදුම් කළ අයටත් දැනුම්දීමක් දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමට හැකියාව ඇති අයගේ යොමු අංක පොලිස් වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කර තිබේ එම යොමු අංක සඳහන් අයදුම්කරුවන්ට බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයට පැමිණ සහතිකය ලබාගත හැකියි.
සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද සහතික ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බව පොලිසිය සඳහන් කරනවා. වෙබ් අඩවියේ යොමු අංක පළ කර නොමැති අයදුම්කරුවන්ට දත්ත පද්ධතිය යථාවත් කිරීමෙන් පසු අදාළ වාර්තා ලබාදීමට කටයුතු කෙරෙනු ඇත දත්ත පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට තාක්ෂණික කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, පද්ධතිය නැවත සක්‍රිය කළ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ