බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතිය අක්‍රියයි - ගුවන් ගමන් 1000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කෙරේ

By Kanchana Sep 09, 2026 05:09 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 1000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇත.

මෙම තත්වය ඊයේ (08) රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙනු ඇතැයි, අපේක්ෂා කෙරුනද විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේද ගුවන් ගමන් අවලංගු විය හැකි බව සදහන් කර තිබේ .

හීත්‍රෝ,, ස්ටැන්-ස්ටේඩ්,, මැන්චෙස්ටර්, බර්මින්ග්හැම් මෙන්ම ස්කොට්ලන්ත ගුවන්තොටුපළ මෙහෙයුම්ද ඉන් අඩාල වී තිබේ රයන් එයාර් ගුවන් සේවය පවසන්නේ ඔවුන්ගේ පමණක් ගුවන් මගීන් 65,000ක් පමණ ඉන් බලපෑමට ලක්ව ඇති බවයි.

ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් වන ලුෆ්තාන්සා සහ බ්‍රිටිෂ් එයාර්වේස් ඇතුළු ගුවන් සේවාද බලපෑමට ලක්වූවන් අතරට ඇතුළත් වේ බලධාරීන් පෙන්වා දෙන්නේ "එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්" පද්ධතිය අක්‍රීය වීම තුළින්, ගුවන් යානාවලට පිටත්ව යා නොහැකි බවත් අදාළ ගුවන් යානා පිටත්ව යාමකින් තොරව වෙනත් නගර සහ විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් යානා ගොඩබැස්විය නොහැකි බවයි .