බම්බලපිටියෙන් අතුරුදහන් වූ 22 හැවිරිදි පලස්තීන තරුණයා පැය 12කට පසු සොයාගැනෙයි
බම්බලපිටිය ප්‍රදේ]ශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී හදිසියේම අතුරුදහන් වූ 22 හැවිරිදි පලස්තීන ජාතික තරුණයා පැය 12ක මෙහෙයුමකින් පසු සොයාගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි.
මෙසේ සොයාගෙන ඇත්තේ අල්බාර් මොනින් සිබී නැමැති සංචාරක තරුණයෙකි. ඔහු සිය දෙමාපියන් සමඟ ඉකුත් 05 වනදා මෙරටට පැමිණ බම්බලපිටිය හේක් පාරේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටියදී අතුරුදහන් වී ඇති බවට ඔහුගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.
පැමිණිල්ලත් සමඟ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පණිවිඩ නිකුත් කර සිදුකළ සෙවුම් මෙහෙයුම්වලින් පසුව, අදාළ තරුණයා බම්බලපිටිය ගාලු පාරේ වජිර පාර හන්දිය ආසන්නයේ රැඳී සිටියදී ආරක්ෂිතව සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත.