නෝර්වුඩ් කළඹපු අස්වැසුමේ මුදල් වංචාවට තවත් ලොකු පුටු අහුවෙයි - ගුරුවරු 6 දෙනෙකුටත් වැඩ වරදියි

Report

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවූ කෝටි 2කට අධික අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා එළඹෙන 22 තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර ඇත.

ඒ අඳාළ සැකකාරියන් දෙදෙනා ඊයේ (08) දින ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම මෙම මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, වංචා කරන ලද මුදල රුපියල් කෝටි 2 ඉක්මවන බැවින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව හැටන් කොට්ඨාස විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දි ඇත.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකාරියන් දෙදෙනා විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් 6 දෙනෙකුගේ බැංකු ගිණුම්වලටද මෙසේ වංචනික ලෙස මුදල් බැර කර තිබෙන බවයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් විසින් කරන ලද දැනුම්දීමක් මත, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එකී ගුරුවරුන් 06 දෙනාගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබෙන අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

තවද ප්‍රධාන සැකකාරියකගේ සහෝදරයෙකුගේ ගිණුමකටද විශාල ලෙස මුදල් බැර වී ඇති බව හෙළි වී ඇති බව පවසයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දැරූ එම තැනැත්තාගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ